වෙනස සැපද ?




ඔබට කොතරම් වෙලාවක් එකදිගට එකම ඉරියවුවෙන් සිටීමට හැකිද? බොහෝ විට හොමෝගේම පිළිතුර ඉතාමත් සුළු කාලයක් යන්නය. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව නිතරම ඔබේ ඉරියවුව වෙනස් කරයි හෝ වෙනස් වෙයි. එනම් ස්වභාවිකවම මිනිස් ශරිරය  වෙනසක් සොයයි. ඒ ඔබේ ශරීරය, මොහොතකට ඔබේ හිත ගැන හිතන්න. ඔබ හැම දෙනාම එකම කෑම වට්ටෝරුව එක දිගට කන්න කැමතිද? බහුතරයකෙගේ පිළිතුර නැත යන්නය. හිතන්න ඔබ පරිප්පුයි බතුයි කන්න කැමතියි කියල, දැන් මන් ඔබට වෙන කිසිම කෑමක් දෙන්නේ නැතුව පරිප්පුයි බතුයි විතරක්ම දෙනෝ. ඔබ කොච්චර කාලයක් එකදිගට පරිප්පුයි බතුයි කයිද? සතියක්, දෙකක්, මාසයක් ? ඔබට මාසයක් ඇතුලත  පරිප්පු එපාවෙනවා නිසැකය. එවැනි අවස්ථාවක ඔබ කන්න අකමැති කෑමක් උනත් ගෙනත් දුන්නොත් පරිප්පු වලට වැඩා ඔබ එයට ප්‍රිය කරයි. බලන්න අපේ හිත හරි වෙනස්, ගිය සතියේ කැමති දේ මේ සතියේ අකමැතියි කියනවා. බොහෝ කලක් අකමැතියි කියපු එකට දැන් කැමතියි කියනවා. දැන් ඔබට පේනවනේද හිත හැමතිස්සෙම වෙනසක් සොයන බව, ඇදුම් විලාසිතාව වෙනස් කරනෝ, කාමරේ බඩු තියෙන විදිය වෙනස් කරනෝ, කන කෑම වේල වෙනස් කරනෝ. සැම මොහොතකම අපේ හිත වෙනසක් සොයමින් දුවනව, එය මනුස්ස ලෝකේ ඉන්න සෑම කෙනෙකුගේම හිතේ ස්වභාවයයි.

ප්‍රජාතන්තවාදය යනු මහජනතාව විසින් සිදුකරන මහජනතාවගේ පාලන ක්‍රමයකි. මෙහිදී කලෙන් කලට මහජනනතව විසින් බහුතර මතයෙන් තම පාලකයාව පත්කරගනී. ඡන්දය යනු පවත්නා රජය පිලිබදව තම හිතේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවකි. මෙහිදී බහුතර කැමැත්ත ලබාගන්නා පක්ෂය යම්කිසි කලකට පාලන බලය අත් කර ගනී. ඉන්පසු පාලන කාලය අවසන් වනතෙක් ජනතාවට ඔවුන් යටතේ පාලනය වීමට සිදුවේ. පාලන කාලය අවසන් වූ පසු නැවතත් මහජනතාවට තම පාලකයා පත්කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඔබ කන්න කැමති පරිප්පු ඔබට එකදිගට කන්න දුන්විට එපා වුන නේද ? ඔබ වෙනස් කෑමක් සෙවුවා නේද? කලින් අකමැති කෑමක් වුවද කන්න කැමති උනා නේද ? එලෙසම මහජනතාව විසින් තම කැමැත්තෙන් පත්කරගත් පක්‍ෂය කෙරෙහි කලකදී අකමැති වේ. කලින් අකමැති පක්ෂයට දැන් කැමති වේ. ඒ අනුව බලන කල වසර ගණනකින් මහජනතාවට තම මතය ප්‍රකාශ කරන්නට දුන්විට පවත්නා පක්ෂයට කුමක් සිදුවේද ? ඔබ පිළිගැනීමට කැමති හෝ අකමැති වුවත් එය මනුස්සයන්ගේ හිතේ ස්වභාවයි. එය කිසිවෙකුටත් නැවැත්විය නොහැක. එමනිසා රටක ප්‍රතිපත්ති, සංවර්ධන උපායන්, සැලසුම් වැනි දෑ පවත්නා පක්ෂය මත වෙනස් නොවිය යුතුය. මෙය අප රටේ පාලකයන් වටහා ගන්නා තෙක් සංවර්ධනය හීනයක් පමණය.

Dilip Tharuka

hi guys

No comments:

Post a Comment

Instagram